තොරතුරු දැනගැනීමේ අයිතිය

රජයේ ආයතන ප‍්‍රමුඛ වන මහජන අධිකාරින්ට අදාල තොරතුරු දැනගැනීම නැතිනම් එම තොරතුරු වලට පිවිසීම දැන් ඔබේ මූලික අයිතිවාසිකමක්. එම අයිතිය විස්තරාත්මකව දැක්වෙනුයේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේයි.

අභිලේඛන, ලියැවිලි, ස්මරණ සටහන්, විද්‍යුත් තැපෑල, මත, උපදේශ, ප‍්‍රවෘත්ති නිවේදන, චක්‍‍්‍රලේඛ, නියෝග, ලොග් සටහන්, කොන්ත‍්‍රාත්තු, වාර්තා, පත‍්‍රිකා, නියැදි, ආකෘති, ලිපි හුවමාරු, සංදේශ, ව්‍යවස්ථා කෙටුම්පත්, පොත්, සැළසුම්, සිතියම්, සිතුවම්, ප‍්‍රස්ථාර, චිත‍්‍රාත්මක  (graphic) හෝ රූපමය කාර්යයන්, ඡයාරූප, සිනමා, ක්ෂුද්‍ර සිනමා, පටිගත කළ ශබ්ද, වීඩියෝ පට, පරිගණක හරහා පරිශීලනය කළ යුතු තොරතුරු හා වාර්තා, පරිගණක දත්ත හා වෙනත් වාර්තාමය ස්වරූපයක භෞතික ස්වභාවය හෝ ලක්ෂණ නොසළකමින් සහ එවැනි දෙයක   ඕනෑම ආකාරයේ පිටපතක් ආදී කවර හෝ වාර්තාගත දෙයක්.

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:43)

ඇතැම් උදවිය පමණක් සමහර ප‍්‍රතිලාභ ලබන්නේ ඇයි, රැකියා ලබාදීමේදී අනුගමනය කරන උපමාන මොනවාද, රැුකියාවක සම්මුඛ පරීක්ෂණයේදී ඔබට ලැබුණු ලකුණු ප‍්‍රමාණය කොපමණද, ඔබේ දරුවා පාසලට තෝරානොගත්තේ ඇයි, දෙපාර්තමේන්තුවක අභ්‍යන්තර රෙගුලාසි වැනි බොහෝ දේ පිළිබඳ ඔබට අසන්නට පුලූවන්.

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:43)

තොරතුරු ලබා ගැනීම සදහා වන ඉල්ලීම ප‍්‍රතික්ෂේප විය හැකි වුවද වැදගත් වන්නේ තොරතුරු ඉල්ලා සිටීමයි.

පනතේ 5 (1) ෙඡ්දය ප‍්‍රකාරව නියමවූ පහත විස්තර කෙරෙන ක්ෂේත‍්‍රවලට අදාල තොරතුරු පමණක් ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීමට හැකිය.

පොදු යහපතට අදාල නොවන කවර හෝ පුද්ගලික තොරතුරක්, ජාතික ආරක්ෂාවට හෝ අන්තර්ජාතික සම්බන්ධතා වලට හානිකර තොරතුරක්, ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට අවාසි සහගත වියහැකි තොරතුරක්, වාණිජ රහස්‍ය බවට අදාල තොරතුරක්, යමෙකුගේ වෛද්‍ය වාර්තා, විශ්වාසය මත රඳා පවත්නා සම්බන්ධතා වල තොරතුරු, ජාතික ආරක්ෂාව හෝ අපරාධ සිද්ධීන් පිළිබඳ පුර්ව විනිශ්චයන්ට හේතු විය හැකි තොරතුරු, තෙවන පාර්ශවයක තොරතුරු, අධිකරණය නිගරුවට ලක්කෙරෙන හෝ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ පූර්ව විනිශ්චයන්ට හේතු වියහැකි තොරතුරු, නෛතිකව නිර්වචනය වූ පාර්ලිමේන්තු හා පළාත්සභා වරප‍්‍රසාද, විභාග වල ඒකාග‍්‍රතාවයට හානි පමුණුවන තොරතුරු, මැතිවරණ වලට අදාල ඇතැම් තොරතුරු, තීරණය නොකළ කැබිනට් සංදේශ.

තොරතුරු අනාවරණය කිරීම පොදු යහපත සදහා මහත් පිටුවහලක් වේ නම් එවැනි තොරතුරු සගවා තබා ගැනීම වෙනුවට අනාවරණය කිරීම වැදගත් වේ.

 

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක: 5(1))
  • අදාළ තොරතුර සන්තකයේ පවතින්නක් නම් ඔබට කැමති කාල පරාසයක තොරතුරු ලබාගත හැක.
  • පනත ක‍්‍රියාතමක වන විට පැවති තොරතුරු වසර 10 ක් වනතෙක් පවත්වාගෙන යා යුතුය.
  • පනත කි‍්‍රයාත්මකවීමෙන් පසු නිර්මාණය වූ තොරතුරු වසර 12ක් දක්වා පවත්වා ගෙන යා යුතුය.
(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක: 7(3))

පුරවැසියාට ලිවීමේ හැකියාව නොමැති අවස්ථාවකදී හෝ ඔහු ඉල්ලා සිටින තොරතුරු පනතට අනුකූල නොවන්නේ නම් ගාස්තු අය කිරීමකින් තොරව ඒ සදහා තොරතුරු නිලධාරියා සහය විය යුතුය.

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක: 23(3))

තෙවන පාර්ශ්වයක් මහජන අධිකාරියක් වෙත සපයනු ලබන හා එම සපයනු ලබන අවස්ථාවේ ඒවා රහස්‍ය තොරතුරු ලෙස සැළකෙන්නේ නම් එම තොරතුරු එම තොරතුරු තෙවන පාර්ශවයේ තොරතුරු නම් වේ.

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:29-1)

තොරතුරු ඉල්ලා සිටිය හැක්කේ කාගෙන්ද ?

රජය මගින් නිකුත් කළ බලපත‍්‍රයක් යටතේ මෙහෙයවෙන ඕනෑම පුද්ගල සංවිධානයක් හෝ අධිකාරියක් හෝ එවැනි බලපත‍්‍රයක් යටතේ ක‍්‍රියාත්මක නොවුණද මහජන සේවාවක් හෝ ක‍්‍රියාකාරිත්වයක් උදෙසා කටයුතු කරනු ලබන සංවිධානයක්.

  • අමාත්‍යංශ
  • රජයේ දෙපාරතමේන්තු
  • පොදු ව්‍යාපාර
  • පළාත් අධිකාරීන්
  • පොදු අරමුදල් යෙදවෙන උසස් අධයාපන ආයතන
  • නෛතිකව ස්ථාපිත කළ හෝ ඇතැම් විට පොදු අරමුදල් යෙදවෙන පුද්ගලික අධ්‍යාපන ආයතන
(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:43)

ඔව්. සෑම පොදු අධිකාරියකටම අවම වශයෙන් එක් තොරතුරු නිලධාරියෙක් හෝ සිටිය යුතුය. පනත සම්මතවී තෙමසක් ඇතුළත තොරතුරු නිලධාරීන් පත්වන තෙක් අදාල අධිකාරියෙහි ප‍්‍රධානියා තොරතුරු නිලධාරියා ලෙස ක‍්‍රියාකළ යුතුය.

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:23(1)(a))

 

 

(CLICK HERE TO READ RTI ACT SEC:)

මෙම නීතිය මගින් තහනම් නොකළ තොරතුරු ලබා ගත හැකිය.

රජයට අයත් සමාගම් හෝ මහජන සේවා හෝ ක‍්‍රියාකාරම් සිදු කරන සමාගම් හැර අනෙකුත් සමාගම් පුද්ගලික අංශය යන්නට ඇතුළත් නොවේ.

ඔව්. අඩුම තරමේ එහි සාමාජිකයින්ගෙන් 3 /4 ක් පුරවැසියන් වීම ප‍්‍රමාණවත් වන අතර සංස්ථාපිත හෝ සංස්ථාපිත නොවන සංවිධාන වීම ගැටලූවක් නොවේ.

ක‍්‍රියාවලිය

නැත ඔබ ලබාදිය යුත්තේ ඔබට අවශ්‍ය තොරතුරු, ඒවා කිනම් ආකාරයකට කුමන භාෂාවෙන් අවශ්‍ය වන්නේද යන විස්තර පමණි.

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:25(5)(b))

ඉල්ලීම ලිඛිතව යොමුවිය යුතුය. (විද්‍යුත් තැපෑලෙන් හෝ) එම තොරතුරු ඔබට පුද්ගලිකව අදාල වන්නේ ඇයිදැයි යන හේතු පෙන්වීම හෝ ලබාදීම අවශ්‍ය වන්නේ නැත.

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:24(1))
  • ඇතැම් විට තොරතුරු නිළධාරියා සතුව තොරතුරු ඇතිනම් විගස ඒවා ලබාදිය හැකිය.
  • එසේ නොවේනම්, වැඩකරන දින 14ක් ඇතුළත තොරතුරු දීම හෝ නොදීම පිළිබඳ තීන්දුවක් දිය යුතුය. තීන්දුවෙන් දින 14ක් ඇතුළත (වැඩ කරන දින නොවන) තොරතුරු ලබාදිය යුතුය.
  • වෙනත් ස්ථානයකින් ලබාගත යුතුවීම හෝ වාර්තාගතයන් විශාල ප‍්‍රමාණයකින් සමන්විතවීම නිසා දින 14ක් ඇතුළත තොරතුරු වලට ප‍්‍රවේශ විය නොහැකි නම් දින 21ක් දක්වා (වැඩකරන දින නොවේ.) කාලය දීර්ඝ කළ හැකිය.
  • ඉල්ලා සිටින තොරතුර පුරවැසියෙකුගේ ජීවිතය හා පුද්ගලික නිදහස හා බැඳේ නම් ඉල්ලීමෙන් පැය 48ක් ඇතුළත එය ලබාදිය යුතුය.
(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:24(4)) (මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:25(1) (2))

ඔව් පුලූවන්. තොරතුරු දැනගැනීම ඔබේ මූලික අයිතිවාසිකමක්. එමනිසා ඔබේ එම අයිතිය  උල්ලංඝනය ව ඇතැයි හැගෙන්නේ නම් හෝ උල්ලංඝනය වන්නට නියමිත බව පෙනී යන්නේ නම් සෘජුවම ශ්‍රේෂඨාධිකරණයට යා හැකියි.

ඔබගේ ලිඛිත විමසිමට රිසිට්පතක් ලැබුණු විට එය පසුවිපරම සඳහා භාවිතා කළ හැකි වේ.

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:24 (3))

සහතික කරන ලද තොරතුරු ඉල්ලිය හැකිය. S. 39(1)(a). යටතේ සාවද්‍ය තොරතුරු සැපයීම වරදකි. තොරතුරු සාවද්‍ය බව ඔබට හැගෙන්නේ නම් කොමිසම වෙත පැමිණිලි කිරීමට හා විමර්ශනයක් ඉල්ලා සිටීමට හැකිය.

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:27 (3)b)

එසේ ඉල්ලා සිටිය හැක්කේ පුද්ගල නිදහස හා ජීවිතය හා බැඳෙන තොරතුරු පමණි. ඒවා පැය 48 ක් ඇතුළත ලබාගත හැකිය.

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:24 (5)c)

ඔව්.

තොරතුරු නිලධාරියා හෝ නම්කළ නිළධාරියා සිතාමතා තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් හෝ තමන්ට පනතෙන් පැවරුණු රාජකාරිය ඉටුකිරීමට අපොහොසත් වන්නේ නම් තොරතුරු කොමිසමට පැමිණිලි කිරීමට පුරවැසියාට හැකියාව ඇති අතර සුදුසු විනය ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ ඍජු බලය ඊට ඇත. විනය අධිකාරිය මසක් ඇතුළත කොමිසමට වාර්තාවක් ලබාදිය යුතුය. සාවද්‍ය තොරතුරු ලබාදීම හෝ තොරතුරු විනාශ කිරීම වැනි වඩා බරපතල සිදුවීමකදී, කොමිසම මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරනු ඇත.

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:38,39)

අභියාචනා

  • ප‍්‍රතික්ෂේප කිරිමෙන් දින 14ක් ඇතුළත නම් කළ නිලධාරියාට අභියාචනාවක් ගොණු කිරිමට හැකිය.
  • තමන්ට පාලනය කළ නොහැකි හේතුවක් මත දින 14ක් ඇතුළත අභියාචනා කිරීමට අයදුම්කරුට නොහැකි නම් සහේතුක ප‍්‍රමාදවීමක් ලෙස සළකා අභියාචනාව භාරගැනීමට නම්කළ නිලධාරියාට හැකියාව තිබේ.
  • නිලධාරියා සති 03ක් ඇතුළත තීරණය දැනුම් දිය යුතුය.
  • තීරණයක් දීමට අපොහොසත් නම් හෝ ප‍්‍රතික්ෂේප කරන්නේ නම් මාස 02ක් ඇතුළත තොරතුරු කොමිසම වෙත අභියාචනා කිරීමට ඔබට හැකිය.
  • දින 30ක් තුළ ලැබෙන කොමිසමේ තීරණය මගින් තොරතුරු නිලධාරියාගේ හෝ නම්කළ නිලධාරියාගේ තීරණය තහවුරු කිරීම, වෙනස්කිරීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම සිදුවිය හැකිය.
  • කොමිසමේ තීරණයෙන් මසක් ඇතුළත අභියාචනාධිකරණයට පැමිණිළි කළ හැකිය.

 

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:31)

දඬුවම්

දඩ නියම නොවේ නමුත් තොරතුරු නිලධාරියාට හෝ නම්කළ නිලධාරියාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග මෙහෙයවීමට තොරතුරු කොමිසමට හැකියාව තිබේ. එමෙන්ම ඔවුන් මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට පැමිණවිය හැකිය. ඔබට ඒ සඳහා කොමිසමෙන් ඉල්ලීම් කළ හැකිය.

  • විනය ක‍්‍රියාමාර්ග
    ඔබේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ විට
    ඔබේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට හේතු නොදැක්වූ විට
    වැඩිපුර ගාස්තුවක් අයකළ විට
    ඔබේ විමසුමට ප‍්‍රතිචාර දැක්විමට අපොහොසත් වූ විට
  • වැරදි
    සාවද්‍ය, අසත්‍ය හෝ අසම්පූර්ණ තොරතුරු ලබාදීම
    තොරතුරු විනාශ කිරීම , අවලංගු කිරීම, වෙනස් කිරීම හෝ වසං කිරීම
    කොමිසම වෙත යොමුවීමට පෙර තොරතුරු ප‍්‍රකාශයට පත් කිරීමට අපොහොසත් වීම
    කොමිසමට පෙර ප‍්‍රකාශයට පත්කරන නමුත් ලබාදීමට අකැමතිවීම.
    තොරතුරු කොමිසමේ තීරණයට අවනත නොවීම.
    කොමිසමේ කාර්යයන්ට බාධා කිරීම
  • කැදවීමක් ලැබුණු විට තොරතුරු කොමිසම ඉදිරියේ පෙනී සිටීමට අපොහොසත් වීම
  • තොරතුරු කොමිසම ඉදිරියට ගියද පරීක්ෂණයට බදුන් කිරිමට හෝ තොරතුරු ලබා දීමට ප‍්‍රතික්ෂේප කිරීම.
  • කොමිසම මගින් යම් තීරණයක් බලාත්මක කිරිමට තීරණය කළ විට එය බලාත්මක නොකිරීම.
(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:38,39)

රහස්‍ය බව හා ප‍්‍රකාශන

තොරතුරු ඉල්ලා සිටිය හැකි වන්නේ පුරවැසියෙකුට මිස  ඕනෑම අයෙකුට නොවේ. සාමාන්‍යයෙන් තොරතුරු ලබාදෙන්නේ ඉල්ලූම්කරුට පමණි. පනතට අනුව කෙනෙකුගේ පුද්ගලික තොරතුරු ලබාදිය නොහැක.

ඔව් තොරතුරු ප‍්‍රකාශයට පත්කිරීමට බාධාවක් නැත.

අතිරේක තොරතුරු

ඕනෑම අවස්ථාවක ඇසිය හැකිය. එය පනතට අනුව ලබාදිය නොහැකි තොරතුරක්ද යන්න තොරතුරු නිලධාරියා තිරණය කරනු ඇත.

(මෙම ස්ථානයේ ක්ලික් කිරිමෙන් තොරතුරු පනතේ අදාළ කොටස පරිශීලනය කළ හැක - අංක:5(1)(b)(1))

නොහැක. එය පුරවැසි අයිතියකි.

වයස් සීමාවක් නැත. ඔනෑම පුරවැසියෙකුට විමසීම කළ හැකිය.