CONTACT US : +94 (0)11 436 9781

RTIWATCH - SINHALA

RTIWATCH - SINHALA

RTIWATCH - Product of Transparency International Sri Lanka

T (94) 11 436 9781
Email: [email protected]

Transparency International Sri Lanka
366, Nawala road, Nawala, Rajagiriya

  • මුල් පිටුව
  • භාවිතා කරමු
    • තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යනු කුමක්ද?
    • ක්‍රියාවලිය
    • පනත
    • අයදුම්පතක් පිරවීමේදී කලයුතු සහ නොකලයුතු දෑ
    • තොරතුරු නිලධාරි
    • නම්කරන ලද නිලධාරියා
    • කොමිසම
    • සාර්ථක තොරතුරු ඉල්ලා සිටීමක්
    • ගාස්තු
  • ලිපි ලේඛණ
  • තොරතුරු ඉල්ලීම්
  • නිතර අසන ප්‍රශ්න
    • සාමාන්‍ය තොරතුරු
    • ක්‍රියාවලිය
    • අභියාචනා
    • දඩුවම්
    • රහස්‍ය බව හා ප්‍රකාශන
  • කොමිසමේ තීරණ
  • අප අමතන්න
EST

තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වී වසරක් සපිරෙයි

Friday, 02 February 2018 / Published in EVENTS

තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වී වසරක් සපිරෙයි

තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වී හෙට දිනයට (2018.02.03) වසරක් සපිරෙයි. තවදුරටත් ජයගතයුතු අභියෝග ඇති නමුදු, තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා බලාධිකාරීන් හට වගවීමට බලකිරීම මෙන්ම පෞද්ගලික ගැටළු විසඳා ගැනීමෙහිලා පුරවැසි සහභාගීත්වය ඉතාමත් සාධනීය මට්ටමක පවතියි. ඉහත උපයෝගීතා දෙකම, ඉදිරිපත් වන එක් එක් තොරතුරු ඉල්ලුම් පත්‍රයක් ඔස්සේ රාජ්‍ය කටයුතු වල විනිවිදභාවය වැඩිදියුණු කිරීමට දායක වී ඇත.

ගම්පහ ප්‍රදේශයේ ගොවි මහතෙකුට ඉඩම් අයිතිය ලබාදීමේ සිට ඕමන්තේ හි ප්‍රමිතියකින් තොර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම හෙළිකිරීම හා වවුනියාවෙහි පවුල් 1200කට ඉඩම් ඔප්පු ලබාදීම දක්වා තොරතුරු අයිතිය, යහපාලනය වැඩිදියුණු කරමින්, දූෂණය පිටුදැකීමට මෙවලමක් ලෙස හා මහජන ස්වෛරීභාවය තහවුරු කරමින් පුරවැසි ජීවිත වෙනස් කරන කාර්යභාරයක් සිදුකර ඇත. වසරක් වැනි කාලයක් තුල, තොරතුරු දැනගැනීමේ අයිතිය පුරවැසියන් ගේ සාමූහික සහ තනි පියවර වල ශක්තිය පෙන්වා ඇත.

පසුගිය වසර තුල, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, සර්වෝදය ශ්‍රමදාන සංගමය ඇතුළු අනෙකුත් හවුල්කරුවන් සමඟ තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් කිරීම හා මහජන දැනුවත්භාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජංගම තොරතුරු ඉල්ලුම්කිරීමේ මධ්‍යස්ථාන, වීදි නාට්‍ය, RTI වෑන් රථය, RTI චිත්‍රපට ආදිය පවත්වා ඇත. නිරන්තරයෙන් පොදු යහපත ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තොරතුරු ඉල්ලුම්පත්‍ර යොමුකිරීම ට අමතරව, TISL මගින් දිස්ත්‍රික්ක 10ක මහජන තොරතුරු ඉල්ලුම්පත්‍ර 610ක් වෙනුවෙන් උපදෙස් ලබාදී ඇති අතර, එයින් ඉල්ලුම්කරුවන් බහුතරයකට අවශ්‍ය තොරතුරු ලැබී ඇත. සර්වෝදය, එහි දිස්ත්‍රික් තොරතුරු මධ්‍යස්ථාන 5 මගින් තොරතුරු ඉල්ලුම්පත්‍ර 233ක් පසුගිය වසර තුල යොමුකර ඇත.

ජනමාධ්‍ය අමාත්‍යංශය දිවයින පුරා තොරතුරු නිළධාරීන්, නම් කරන ලද නිළධාරීන් හා රාජ්‍ය නිළධාරීන් පුහුණු කරමින් සිදුකරන ලද කාර්යභාරය TISL අගයයි. එමෙන්ම, තොරතුරු කොමිසම මගින් අභියාචනා ඇසීම, වාර්තා කළමනාකරණය හා ප්‍රගාමී හෙළිදරව් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම හා අන්තර්ජාලය හරහා රාජ්‍ය නිළධාරීන් පුහුණු කිරීම වැනි නිර්මාණශීලී කටයුතු වලට මුලපිරීම ඇගයිය යුතුයි. රටක පළමු තොරතුරු කොමිසමක කාර්යභාරය ඉතා වැදගත් වන අතර, ශ්‍රී ලංකාවේ තොරතුරු කොමිසම එවෙත යොමු කරන ලද දැනට ප්‍රසිද්ධියට පත් කර ඇති අභියාචනා වලින් 84% කටම තොරතුරු ලබාදියයුතු යැයි නියම කිරීම ඉතා ප්‍රශංසනීය බව TISL ආයතනයෙහි විශ්වාසයයි.

තොරතුරු හෙළිදරව් කිරීමෙහි ලා රාජ්‍ය කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින් TISL හි විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පැවසූයේ, “රාජ්‍ය ආයතන ඔවුන් සතුව ඇති තොරතුරු කාලීනව හෙළිදරව් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ ඇති කැපවීම පෙන්වීම මගින් අප දිරිමත් වී ඇති අතර, තමන් සතුව ඇති තොරතුරු අයිතිය ක්‍රියාත්මක කොට වගවන රාජ්‍යක් තමන්ම අත්දකින මෙන් මහජනතාවගෙන් ඉල්ලාසිටිමු.”

RTI පනත ක්‍රියාත්මක කිරීමේදී තවමත් අභියෝග පවතින බව පිළිගත යුතුයි. පනතෙහි අඩංගුව හා මෙවැනි පනතක් පවතින බවට මහජනතාව අතර තිබෙන දැනුමෙහි අඩුපාඩු පවතින අතර, මේ සම්බන්ධයෙන් රජයෙන් ගත යුතු පියවර බොහොමයක් තිබේ. එමෙන්ම රහස්‍යභාවය රකින සංස්කෘතියකින් මහජන අධීක්ෂණය හා සහභාගිත්වය ප්‍රවර්ධනය කරන සංස්කෘතියක් වෙත ප්‍රවිෂ්ඨ විමේදී ද අභියෝග රැසකට මුහුණපෑමට සිදු වේ.

තවද පොදු සේවාවන් අසාර්ථක වීම හේතුවෙන් ඒ සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීම සඳහා මහජනයා වැඩි වැඩියෙන් RTI පනත භාවිතා කිරීමේ ප්‍රවනතාවයක් පවතින බව නිරීක්ෂණය කළ හැක. මෙම ප්‍රවනතාවයන් හඳුනාගෙන ස්වකැමැත්තෙන් එම අඩුපාඩු නිරාකරණය කිරීමට රාජ්‍ය අධිකාරිය පියවර ගත යුතුය. එසේවුවද තමන් වෙත ලැබෙන RTI ඉල්ලුම් සඳහා පිළිතුරු සැපයීමටත් RTI පනත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමටත් ප්‍රගාමීව පියවර ගෙන ඇති රාජ්‍ය ආයතන ද ප්‍රශංසාවට ලක් කළ යුතුයි.

තොරතුරු දැනගැනීමේ අයිතියට වසරක් සපිරීමත් සමඟ, පුරවැසියන් RTI පිළිබඳව දැනුවත් කිරීම සඳහා හා විවෘත හා මහජන සහභාගිත්වයෙන් සපිරි ආණ්ඩුකරණයක් උදෙසා රාජ්‍ය අංශය සුදානම් කිරීමට රජයෙන් විශේෂ කර්තව්‍යක් ඉෂ්ට කිරීමට තිබෙන බව මතක් කළ යුතුය. මේ සඳහා රාජ්‍ය මාධ්‍යය කදිම මෙවලමක් වනු ඇත. තවද ආණ්ඩුකරණයේ තමන්ගේ සහභාගිත්වය අර්ථවත් කිරීමට හා තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂා කිරීම සඳහා මහජනතාව පෙළගැසිය යුතු බව TISL ආයතනය පෙන්වා දෙයි.

 

More information – www.rtiwatch.lk
Facebook – https://www.facebook.com/RTIwatchLK/
Hotline – 0112 501 503

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • “හඬ” – පළමු කලාපය

    තොරතුරු අයිතිය දිනාගත් දින සිට වසර තුනක් පුරාවට...
  • RTI වෑන් රථය රත්නපුරයට

    සැප්තැම්බර් 23 වන දින RTI වෑන් රථයේ මීළඟ චාරිකා...
  • Hello world!

    Welcome to WordPress. This is your first post. ...
  • Transparency international Sri Lanka urges citizen engagement with RTI

    The Right to Information (RTI) Act comes into e...
  • RTI can be game changer in Sri Lanka’s path to prosperity: World Bank

    Sri Lanka’s newly enacted Right to Information ...

Recent Comments

  • A WordPress Commenter on Hello world!

Archives

  • June 2020
  • February 2018
  • September 2017
  • January 2017

Categories

  • EVENTS
  • NEWS
  • Uncategorized

Meta

  • Log in
  • Entries RSS
  • Comments RSS
  • WordPress.org

Featured Posts

  • “හඬ” – පළමු කලාපය

    0 comments
  • RTI වෑන් රථය රත්නපුරයට

    0 comments
  • Hello world!

    1 comments
  • Transparency international Sri Lanka urges citizen engagement with RTI

    0 comments
  • RTI can be game changer in Sri Lanka’s path to prosperity: World Bank

    0 comments

GET A FREE QUOTE

Please fill this for and we'll get back to you as soon as possible!

RTIWATCH - SINHALA

© 2016. All rights reserved. Transparency International Sri Lanka.

TOP