තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යනු, යම් පොදු අධිකාරියක් විසින් තම සන්තකයේ රඳවා ගනු ලැබ ඇති තොරතුරු කරා ප්‍රවේශ  වීමට පුරවැසියනට හිමිකම ලබා දෙන්නාවූ අයිතිවාසිකමකි. මෙහි දී ඉල්ලා සිටින තොරතුරු ඉල්ලූම්කරුට පෞද්ගලිකව අදාල තොරතුරු වීමේ අවශ්‍යතාවයක් නැත.

තමනට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා ජනතාවට මූලික අයිතියක් තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ ව්‍යවස්ථාව  මගින් තොරතුරු කරා ප්‍රවේශ  වීමේ අයිතිය සහතික කරයි. ඊට අමතරව පොදු තොරතුරු ඉල්ලා සිටීමේදී අනුගමනය කළ යුතු පියවරයන්, එහිදී කටයුතු කළ යුතු නිළධාරීන් කවුරුන්ද යන වග මෙන්ම ලබාගතහැකි හා නොහැකි තොරතුරු කවරේද යන්න සහ තවත් ආනුෂාංගික කරුණු 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පණතෙහි දක්වා තිබේ.

පොදු අධිකාරිය යන්නට පහත අංශ ඇතුලත් වේ-

රජයේ අමාත්‍යංශ, රජයේ දෙපාර්තමේන්තු, රජයේ සංස්ථා, පලාත් පාලන අධිකාරීන්, පලාත් සභාවකින් ස්ථාපිත කෙරෙන කවර හෝ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, උසස් අධ්‍යාපන  ආයතන, පුද්ගලික අධ්‍යාපන ආයතන, සියළුම අධිකරණ, විනිශ්චය සභා සහ යුක්තිය පසිඳලීම පිණිස ස්ථාපිත ආයතන.

නිසි වේලාවට සහ කාර්යක්ෂම ආකාරයෙන් තොරතුරු ජනතාවට ලබා දීමට හැකිවනු පිණිස පොදු අධිකාරිය විසින් තොරතුරු යාවත්කාලීනව පවත්වා ගත යුතු බවට වු අවශ්‍යතාවයක් පනත මගින් නියම කෙරේ.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම ක්‍රියාත්මක  වීම නිසා පොදු අධිකාරින් හී විනිවිදභාවය ප්‍රවර්ධනය කරන අතර එමගින් එකී ආයතන ජනතාට වගවිය යුතු බවට වූ අවශ්‍යතාවය ද තෘප්ත කරයි. මේ ආකාරයෙන් දෛනිකව සක්‍රීය පුරවැසියන් ලෙස පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කිරීමෙන් හා එමගින් පාලනයට සහභාගි වීමෙන් පුරවැසියාහට දුෂණයට එරෙහිව කටයුතු කිරීමට හැකියාව ලැබේ.

ලොව පුරා රටවල් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන හරහා සහ නෛතික හිමිකමක් වශයෙන් විවිධ මට්ටම් යටතේ මේ අයිතිය ලබා දී තිබේ. කෙසේ වෙතත් ඒ සියල්ලටම මග පෙන්වනු ලබනුයේ නිදහස පිලිබඳ අන්තර්ජාතික නීතිය නියාමනයට ලක් කරනු ලබනා මූලික හරයන් මගිනි.

 

මෙකී හරයන් වනුයේ:

  1. උපරිම අනාවරණය පිලිබඳ මූලධර්මය
  2. මූලික තොරතුරු ප්‍රකාශයට පත් කිරීම පිණිස පොදු ආයතනයන්ට වන බැඳීම
  3. පොදු අධිකාරින් හරහා ”විවෘත ආණ්ඩුකරණය” හරහා ලෙස ප්‍රවර්ධනය  කිරීම
  4. ව්‍යතිරේඛයන් පැහැදිලිව සහ නිශ්චිතව දක්වා තිබිය යුතුය
  5. ක්‍රියාවලිය මගින් ප්‍රවේශ සඳහා ඉඩ සැලසිය යුතුය.
  6. ඉල්ලීම් අධෛර්යමත් කිරීම පිණිස අධිකතර මිල ගණන් නියම නොකල යුතුය.
  7. පොදු ආයතනයන්හී රැස්වීම් ජනතාවට විවෘත විය යුතුය.
  8. තොරතුරු අනාවරණය කිරීමට බාධාකරන නීති සංශෝධනය සහ අවලංගු කිරීම මගින් තොරතුරු අනාවරණය උපරිමයෙන් වන බවට සහතික කල යුතුය.
  9. තොරතුරු සපයන්නාගේ / අකටයුතු නාදකයාගේ ආරක්ෂාව තහවුරු කල යුතුය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ නීතිය, එයටම අනන්‍ය වූ විශේෂිත ලක්ෂණයන්ගෙන් යුක්තය. මක් නිසාදයත් පොදු ජනතාවට හෙළි කළ නොහැකි ආකාරයේ තොරතුරු තිබිය හැකි වුවද එම බාධකය යටපත්කර හැකි විශේෂ ප්‍රතිපාදන පවා පනතට අඩංගුව තිබෙන හෙයිනි. යම් තොරතුරක් ජනතාවට අනාවරණය කිරීම තුළින් අත්වන ප්‍රයෝජනය එය සඟවා තැබීමෙන් අත් වන ප්‍රයෝජනයට වඩා විශාල වන අවස්ථාවන්හී එකී තොරතුර නිකුත් කල යුතු බවට ‘පොදු ජන යහපතට ප්‍රමුඛතාව’ නියමය මගින් නියම කරයි. එහෙයින් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම මගින් සිය අයිතිවාසිකම භාවිතා කරනා පුරවැසියා හට එමගින් විශාල අස්වැසිල්ලක් / සහනයක් ලැබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මගින් පොදු තොරතුරු ලබාගැනීම පිණිස වන තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම භාවිතා කිරීමට සහ විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය තුළින් රාජ්‍ය ආයතන වල දුෂණය අවම කිරීමට ක්‍රියාකාරී වීම සඳහා ජනතාව සවිබලගන්වනු ලබයි. රාජ්‍ය ආයතන වල විනිවිදභාවය හා වගවීම යනු කරුණු දෙක යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය  සඳහා අත්‍යවශ්‍ය.

තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදය - පියවරෙන් පියවර

පියවර 01

1. පොදු අධිකාරියේ සිටින තොරතුරු නිලධාරියා හඳුනාගන්න.

තොරතුරු නිලදාරී නාම ලේඛනය ලබාගැනීමට පිවිසෙන්න www.rti.gov.lk 

 

 

පියවර 02

2. තොරතුරු නිලධාරියා වෙත අදාල විස්තර ඇතුලත් ලිඛිත ඉල්ලීමක් යොමු කරන්න. ඔබට තොරතුරු කැමති ප්‍රමාණයක් ඉල්ලිය හැක.

භාගත කීරීමට පිවිසෙන්න: RTI ආකෘති පත්‍ර 01 

 

පියවර 03

3. තොරතුරු නිලධාරියාගෙන් ඔබේ ඉල්ලීමට ලදුපතක් ලබා ගන්න.

භාගත කීරීමට පිවිසෙන්න: ආ. ප. - තොරතුරු ඉල්ලීම ලැබුණු බව දැන්වීම 

පියවර 04

4. ලදුපත නිකුත් කළ දිනයේ සිට වැඩකරන දින 14 ක් ඇතුලත තොරතුරු නිලධාරියා ඔබට පිළිතුරක් ලබා දිය යුතුය.

භාගත කීරීමට පිවිසෙන්න: RTI ආකෘති පත්‍ර 4

භාගත කීරීමට පිවිසෙන්න: RTI ආකෘති පත්‍ර 5

 

පියවර 05

5. තොරතුරු ලබා දීමට තීරණය කළහොත් එසේ තීරණය කළ දින සිට දින 14 ක් ඇතුලත තොරතුරු ඔබට ලබා දිය යුතුය. තොරතුරු ලබා දීමට ප්‍රතික්ෂේප කළ විට ඒ සඳහා හේතු ඉදිරිපත් කළ යුතුය.

පියවර 06

6. ඔබට ලැබුනු තොරතුරු පිළිබඳ සෑහීමක් නැතිනම් එම පොදු අධිකාරියෙහි නම් කළ නිලධාරියාට එදින සිට දින 14 ක් ඇතුලත අභියාචනා කළ හැක.

භාගත කීරීමට පිවිසෙන්න: RTI ආකෘති පත්‍ර 10

 

පියවර 07

7. නම් කළ නිලධාරියා ද තොරතුරු ලබා දීමට ප්‍රතික්ෂේප කරයි නම් ප්‍රතික්ෂේප කළ දින සිට මාස 2ක් ඇතුලත කොමිසමට අභියාචනා කරන්න.

පියවර 08

8. කොමිසමේහි තීන්දුව පිළිබඳ ඔබ සතුටුදායක නැතිනම් ඊට එරෙහිව තීන්දුව ලබාදුන් දිනයේ සිට මසක් ඇතුලත අභියාචනාධිකරණයේ පිහිට පැතිය හැක.

අවසානය

තොරතුරු දැනගැනීමේ අයිතිය දැන් ඔබගේය
එය භාවිතා කරන්න

ක්‍රියාවලිය :
රූපමය සටහන

සම්පුර්ණ රූප සටහන සදහා ඉහත රුඋපය මත ක්ලික් කරන්න

කලයුතු දෑ

සරලව විස්තර ඇතුලත් කරන්න

කෙටියෙන් සහ නිශ්චිතව විස්තර දක්වන්න

කැමති තරම් ප්‍රශ්න අසන්න-එහෙත් ඒ අවශ්‍ය වන්නේ නම් පමණකි

ඔබේ ඉල්ලීම ප්‍රශ්නාර්ථ ලකුණකින් අවසන් නොකරන්න උත්සාහ කරන්න. සැම විටම ඔබේ ඉල්ලීම ප්‍රකාශයන් ලෙස ඉදිරිපත් කරන අතර සැමවිටම ලේඛන හෝ වාර්තා ඉල්ලීමට උත්සාහ දරන්න

කිසියම් පසුබිම් විමර්ශණයක් සිදු කරන්න. ඉන් පසු ඉතාම අදාල පොදු අධිකාරියට හෝ අධිකාරීන්ට ඉලක්කගත ඉල්ලීමක් ඉදිරිපත් කරන්න

උදා:ඔබ අදාල යයි සිතනා පොදු අධිකාරියෙහි වෙබ් අඩවිය පරීක්ෂා කර තමන් ඉල්ලීමට අපේක්ෂා කරන තොරතුරු එහි තිබේදැයි බැලීමට සැලකිලිමත් වන්න

වාර්තාගත තොරතුරු ඉල්ලා සිටීමට කටයුතු කරන්න

ඉල්ලා සිටින තොරතුරු හඳුනා ගැනීමට තොරතුරු නිලධාරියාහට පහසුවන තොරතුරු සපයන්න

ඔබට තොරතුරු අවශ්ය වන්නේ පැය හතලිස් අටක් තුළ නම් පමණක් ඒ ඉල්ලීම පිණිස හේතු දක්වන්න. ඒ පුද්ගලයකුගේ ජීවිතය හෝ නිදහස තහවුරු කිරීමට අවශ්‍ය වන හෙයිනි.

අවශ්‍ය තත්වයක් ඇත්තේ නම් පමණක් ලේඛන අමුණන්න. (බියගැන්වීමට නොවේ)

තම ඉල්ලීම සකසන අවස්ථාවේදී එය මග හැරීමට පොදු අධිකාරිය උත්සාහ කිරීමට ඇති ඉඩකඩ ගැන කල්පනා කරන්න

ඉල්ලා සිටින තොරතුරු ප්‍රගාමී අනාවරණයන් යටතට වැටෙන්නේ නම් ඒ බව ඉල්ලීමෙහි සඳහන් කරන්න

නොකල යුතු දෑ

ඔබේ ඉල්ලීම විමසුම් ලෙස ඉදිරිපත් නොකරන්න

අනවශ්‍ය පරිදි ලේඛන ඇමිණීමෙන් වලකින්න. විශාල පිටු සංඛ්‍යාවකින් යුත් ඉල්ලීම නොකරන්න

ඔබේ ඉල්ලීම සඳහා බලපාන හේතු ඉදිරිපත් කිරීමට නොපෙළඹෙන්න

වාර්තා කිරීමට ඉඩක් නොමැති අදහස්, මත, සහ අභිප්‍රායන් වැනි දෑ ඉල්ලීමෙන් වලකින්න

තොරතුරු නිලධාරියා යනු තොරතුරු දැනගැනීමෙ අයිතිවාසිකමට අදාළ නීතිය යටතේ ඉදිරිපත් වන ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් තොරතුරු සැපයීමේ වගකීම දරන යම් පොදු අධිකාරියක සිටින නිලධාරියායි.

තොරතුරු නිලධාරින් ස්වකීය වෙනත් රාජකාරිවලට වඩා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකට අදාළ කාර්යන් කෙරෙහි ප්‍රමුඛත්වය දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තොරතුරු නිලධාරියකු ආයතනයේ නොමැති අවස්ථාවක දී එකී ආයතනයේ ප්‍රධානියා හෝ ප්‍රධාන විධායක නිලධාරි තැන විසින් තොරතුරු නිලධාරියාගේ රාජකාරි ඉටුකරලීම සඳහා අවශ්‍ය පියවර ගතයුතුය.

රාජකාරි

තොරතුරු සඳහා වන ඉල්ලූම් පත්‍රිකාව පිරවීම සඳහා පුරවැසියාට ප්‍රමාණවත් සහයෝගයක් ලබාදිය යුතුය.

ඉල්ලීම කරනු ලබන්නේ වාචිකව නම් එය ලිඛිතව සටහන් කරගෙන ඊට පුරවැසියාගේ අත්සන හෝ මහපටැඟිලි සලකුණ ලබාගත යුතුය.

ෆැක්ස් මාර්ගයෙන් හා විද්‍යුත් තැපෑල මාර්ගයෙන් එවනු ලබන ඉල්ලීම්, තොරතුරු ඇයදුම් පත්‍රිකාවට අනිවාර්යයෙන්ම අමුණා තැබිය යුතුය.

ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී සිදුකර ඇති අතපසුවීම් අත්වැරදීම් පුරවැසියාට දැනුම්දිය යුතුය.

ඉල්ලා සිටිනු ලබන තොරතුරු වෙනත් අධිකාරියක භාරයේ පවතින විට සහ ඒ බැව් තොරතුරු නිලධාරියා දැන සිටින අවස්ථාවක තොරතුරු නිලධාරියා අදාළ ඉල්ලීම ලිඛිතව ඊට අදාළ පොදු අධිකාරිය වෙත යොමුකර පළමු ඉල්ලීම ලැබී දින හතක ඇතුළත එම ඉල්ලීම යොමු කිරීම පිළිබඳව පුරවැසියාට ඉල්ලූම්කරුට ලිඛිතව දැනුම්දිය යුතුය.

ඉල්ලා සිටිනු ලබන යම් තොරතුරු වෙත ප්‍රවේශ වීම දැනටමත් මහජනතාවට විවෘතව තබා ඇතිනම්, දින 14 ක් ඇතුළත පුරවැසියා හට ඒ බව දන්වා එකී තොරතුරු ලබාගත හැකි ස්ථානය ද දන්වා සිටිය යුතුය.

තමන් විසින් සපයනු ලබනා තොරතුරු පිළිබඳ වාර්තාවක් පවත්වාගත යුතුය.

වගකීම්

තොරතුරු සඳහා ඉල්ලීමක් ඉදිරිපත් වූ අවස්ථාවන්හිදී තොරතුරු නිලධාරියා විසින් ඉල්ලූම්කාර පුරවැසියා වෙත තොරතුරු ඉල්ලීම භාරගත් බව ලිඛිතව දැනුම්දිය යුතුය.

ලැබුණු ඉල්ලීම ලියාපදිංචි අංකයක් සහිතව නියමිත ලියාපදිංචි ලේඛනයේ වාර්තාගත කළ යුතුය.

එසේ ඉල්ලා සිටිනු ලබන තොරතුරු ලබාදෙනවා නම් ඒ පිළිබඳව සහ ඊට වැය වන වියදම පිළිබඳව දින 14ක් තුළ ඉල්ලූම්කාර පුරවැසියාට දැනුම්දිය යුතුය. (RTI 04 පෝරමය මගින්)

යම් හෙයකින් ඉල්ලූම්කරුගේ ඉල්ලීම තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් ඔහු/ඇය ඒ පිළිබඳව ඉල්ලූම්කාර පුරවැසියාට ලිඛිතව දැනුම්දිය යුතුය. තව ද ප්‍රතික්ෂේප කිරීමට හේතුව ද නිශ්චිතව දැක්විය යුතුය. (RTI 05 පෝරමය මගින්)

ඉල්ලා සිටිනු ලබනා තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා හට දින 14ට වඩා අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒ සඳහා වන කාලය තවත් දින 21 කින් දීර්ඝ කිරීමට අවශ්‍ය බව සහ ඊට හේතුව ද (පනතේ 25(5) වගන්තිය) අදාළ පුරවැසියා වෙත ලිපියක් (RTI 06 පෝරමය මගින්) මගින් දන්වා සිටිය යුතුය.

සපයනු ලබන තොරතුර හෝ තොරතුරු නිලධාරියාගේ ප්‍රතිචාරය පිළිබඳව පුරවැසියා සෑහීමකට පත් නොවේ නම්, මුල් අවස්ථාවේ දී තම අභියාචනය යොමුකළ යුතු නිලධාරියා මින් අදහස් වේ.

ඔහුට පහත සඳහන් අවස්ථා වලදී පුරවැසියන්ගෙන් ලැබෙනා අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කළ හැකිය.

ඔහුට පහත සඳහන් අවස්ථා වලදී පුරවැසියන්ගෙන් ලැබෙනා අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කළ හැකිය.

තොරතුරු සඳහා වන ඉල්ලීම භාරගැනීම, තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී

තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කල හැකි අවස්ථා දැක්වෙන ලැයිස්තුව (පනතේ 5 වන වගන්තිය යටතේ) මත තොරතුරු නිලධාරියා වසින් ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී

පනත මගින් නියමකර ඇති කාලරාමු අනුව කටයුතු නොකරන අවස්ථාවකදී.

ලබාදෙන ලද තොරතුරු ව්‍යාජ, නොමග යවනසුලූ හෝ අසම්පූර්ණ වන අවස්ථාවන්හිදී.

තොරතුරු නිලධාරියා විසින් අධිකතර ගාස්තු අයකරනු ලබනා අවස්ථාවන්හිදී.

ඉල්ලා සිටින ලද තොරතුරු සැපයීම තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කරනු ලබනා අවස්ථාවන්හිදී.

තමාට අවශ්‍ය තොරතුර වෙත ප්‍රවේශවීම වැළැක්වීමේ අදහසින් එකී තොරතුර විකෘති කර, විනාශ කර හෝ අස්ථාන ගතකර ඇතැයි විශ්වාස කිරීමට පුරවැසියා හට සාධාරණ පදනමක් ඇති අවස්ථාවන්හිදී.

කොමිසම යනු පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, මාධ්‍ය කලාව, විද්‍යාව සහ තාක්ෂණය හෝ කලමණාකරණය යන ක්ෂේත්‍රයන්හි ස්වකීය දැනුම, පළපුරුද්ද, සහ විශේෂඥතාව සම්බන්ධයෙන් පිළිගැනීමක් ඇති පුද්ගලයන් පස්දනකුගෙන් සමන්විත වන ආයතනයකි.

තොරතුරු කොමිසමට පුළුල් පරාසයක් තුළ විහිදුණු බලතල පැවරී ඇති අතර කිසිදු අවහිරයකින් හෝ යටපත් කිරීමකින් තොරව  ඕනෑම පුරවැසියකු හට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භුක්ති විඳීම තහවුරු කිරීම, කොමිසමේ මූලික වගකීමකි.

The current members of the RTI Commission are Mr. Mahinda Gammanpila, Ms. Kishali Pinto-Jayawardena, Mr. S. G Punchihewa,  Judge A. W. A. Salam and Dr. Selvy Thiruchandran .

Contact Details of the RTI Commission
Address – Room 203-204 BMICH Premises,
Bauddhaloka Mawatha, Colombo 07.
Telephone – 011 269 1625

රාජකාරි

  • පොදු අධිකාරීන් විසින් ඔහුන්ට නියමව ඇති රාජකාරී නිසි පරිදි ඉටුකරන බවට ඔහුන්ගේ කාර්ය සාධනය අධීක්ෂණය කිරීම මගින් සහතික කළ යුතුය.
  • ඉල්ලා සිටිනු ලබනා තොරතුරක් එසේ ලබාගැනීම සඳහා පුරවැසියා විසින් ගෙවිය යුතු ගාස්තු නිශ්චිතව දැක්විය යුතුය.ගාස්තු ගෙවීමකින් තොරව සැපයිය හැකි තොරතුරු නිශ්චිතව දැක්විය හැකිය.
  • කිසිදු බාධාවකින් තොරව තොරතුරු ලබාගැනීමේ අයිතිවාසිකම ක්‍රියාවට නැංවීම තහවුරු කරනු වස් රාජ්‍ය නිලධාරින් පුහුණුකිරීම කොමිසම විසින් සිදුකල යුතුය.
  • අභ්‍යන්තර වාර්තා පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව පොදු අධිකාරීන් වෙත මාර්ගෝපදේශ සැපයිය යුතුය.
  • තොරතුරු දැනගැනීමෙ අයිතිවාසිකම් පනත සහ පුද්ගල අයිතිවාසිකම් යටතේ අදාළ වන අවශ්‍යතා ප්‍රසිද්ධියට පත්කළ  යුතුය.

බලතල

  • පරීක්ෂණ පැවැත්වීම සහ  ඕනෑම පුද්ගලයකු කොමිසම ඉදිරියට කැඳවීමේ බලය.
  • පනත යටතේ පොදු අධිකාරියක් විසින් පුද්ගලයකුට ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි තොරතුරු ද ඇතුළුව පොදු අධිකාරිය විසින් රඳවා ගැන ඇති කවර හෝ තොරතුරක් පරීක්ෂා කිරීම.
  • විශේෂිත ආකාරයකට තොරතුර සැපයීම සඳහා පොදු අධිකාරිය මෙහෙයවීම සහ පොදු අධිකාරිය රඳවාගෙන ඇති  ඕනෑම තොරතුරක් ප්‍රතික්ෂේප ප්‍රසිද්ධ පත්කිරීමට එකී පොදු අධිකාරිය මෙහෙයවීම.
  • තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම, වැරදි තොරතුරු ලබාදීම, පුද්ගලයකු විසින් ඉල්ලා සිටිනු ලබන අවස්ථාවකදී තොරතුරු ලබා නොදීම හා අධිකතර ගාස්තු අයකිරීම යනාදිය සම්බන්ධයෙන් ඉදිරිපත් වන අභියාචනා විභාග කිරීම.
  • පොදු අධිකාරිය විසින් නියමිත කාලය තුළ තොරතුරු සපයනු නොලැබුවේ නම් සෘජුවම අයකරන ලද ගාස්තු ප්‍රතිපූරණය කිරීම.
  • තෙවන පාර්ශ්වයක් විසින් සපයනු ලැබූ තොරතුරක් අනාවරණය කිරීමට ඉඩදීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවක, පුරවැසියාගේ ඉල්ලීම සලකා බලා සෘජුවම එය අනාවරණය කිරීම. කිසියම් තොරතුරක් අනාවරණය නොකිරීම මගින් පුද්ගලිකව වන ප්‍රයෝජනයට වඩා එය අනාවරණය කිරීමෙන් මහජනතාවට වන යහපත විශාල වන අවස්ථාවකදී එවන් තොරතුරක් සෘජුවම අනාවරණය කළ හැකිය.
  • පහත සඳහන් කරුණු අරභයා රීති පැනවීම.අ. කොමිසම වෙත අභියාචනා ඉදිරිපත් කළ යුතු ආකෘතිය හා ආකාරය.

    ආ. පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියා පටිපාටිය.

    ඇ. තොරතුරු සැපයීම සඳහා වන ගාස්තු අයකිරීමේ ක්‍රමය

    ඈ. පොදු අධිකාරිය විසින් වාර්ෂිකව සකසා කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු වන්නා වූ වාර්තාවන්හි ආකෘතිය (මෙකී වාර්තාවන්හි වසර තුළ ඉල්ලීම් සංඛ්‍යාව වසර තුළ රැස්කරගත් ගාස්තු ප්‍රමාණය , ප්‍රතික්ෂේප කරනු ලැබූ ඉල්ලීම් සංඛ්‍යාව සහ පාරදෘශ්‍යභාවය වර්ධනය කිරීම සඳහා වන යෝජනා ඇතුළත් විය යුතුය.)

    අමාත්‍යවරුන් විසින් අර්ධ වාර්ෂිකව ප්‍රකාශයට පත් කළ යුතු වන්නා වූ වාර්තාවන් පිළියෙල කළ යුතු ආකෘතිය පිළිබඳ තීරණ ගැනීමේ වගකීම.

වගකීම්

  • ස්වකීය තීරණවලට බලපෑ හේතු ලිඛිතව පුරවැසියා හට, තොරතුරු නිලධාරී හට සහ පොදු අධිකාරියට සැපයීම.
  • අවම වශයෙන් ලිත් වර්ෂයකට එකක් බැගින් වත් අවශ්‍ය වන පරිදි සහ නිශ්චිතවම ස්වකීය ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා සැකසීම. මෙවන් සෑම වාර්තාවක්ම පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු අතර ජනාධිපතිවරයා වෙත ද යවනු ලැබේ.
  • තොරතුරු නිලධාරියකු විසින් ඉල්ලූම්පතක් භාරගැනීම ප්‍රතික්ෂේප කරන, ඉල්ලා සිටිනු ලබන තොරතුරු කිසිදු හේතුවක් නොදක්වා ලබාදීම ප්‍රතික්ෂේප කරන සහ අධිකතර ගාස්තු නියම කරන කවර අවස්ථාවක දී වුව ඒ පිළිබඳව අදාළ විනය බලධාරියා හට දැනුම්දීම.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ කරන ලද සාර්ථක ඉල්ලීමක සැරුම් මග පහත දැක්වේ. විවිධ පොදු අධිකාරීන්ට ඉදිරිපත් කරනා ඉල්ලීම් විවිධ හේතු මත වෙනස් ආකාරයෙන් ගමන් කරනු ඇති නමුදු මේ සටහන මූලික වශයෙන් ඉල්ලූම්පත සම්බන්ධයෙන් අනුගමනය කරන එසේම සම්මත සැරුම් මගකි. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය තොරතුරු දැන ගැනීමේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී ලද අත්දැකීම්අනුව වඩාත්ම සාර්ථක තොරතුරු ඉල්ලීම වූයේ මැතිවරණ කොමිසම වෙත යොමු කල ඉල්ලීමයි. 2017 පෙබරවාරි 7 කරන ලද ඉල්ලීම සමගම මැතිවරණ කොමසාරිස්වරයා සියළු කාල රාමු පිලිපදිමින් සිය තොරතුරු නිලධාරියා මගින් අපේ ඉල්ලීම ලද බව නිවැරදිව දැනුම් දෙමින් නිවැරදි දැන්වීම්ද ලබා දුන්නේය. ඒ සැරුම් මග පහත දැක්වේ.

ආරම්භය
පෙබරවාරි 09

ඉදිරිපත් කිරීම

අපි අවශ්‍ය තොරතුරු හඳුනාගෙන පසුගිය වසර පහ තුළ ලියාපදිංචිවී ඇති සියළුම දේශපාලන පක්ෂවල මූල්‍ය වාර්තා ඉල්ලා සිටීමට තීරණය කළෙමු.

අප විසින්ම ඉල්ලීම් ලිපිය පිලියෙල කිරීමට කටයුතු කළ අතර එමගින් අපට අවශ්‍ය තොරතුරු කවරේදැයි විස්තර කළෙමු.

අනතුරුව අපි අදාල ඉල්ලීම අතින් ගෙන ගොස් මැතිවරණ කොමිසමට භාර දුනිමු.

ඔවුහු වහාම අප වෙත අපේ ඉල්ලීම ලද බව දැනුම් දෙමින් ලදු පතක් නිකුත් කළෝය.

පෙබරවාරි 20

ප්‍රතිචාරය

නියම කරන ලද ගාස්තු යටතේ අප විසින් ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදිය හැකි බවට දැන්වීමක් අනතුරුව අපට ලැබුණි.

පෙබරවාරි 22

ගෙවීම්

අපි අදාල ගාස්තුව මුදලින් ගෙවීමු.

මාර්තු 15

තොරතුරු ලැබීම

අප විසින් ඉල්ලා සිටින ලද තොරතුරු ලබාගත හැකි බව අපට දන්වනු ලැබිණි.

අපේ ඉල්ලීම පරිදි අපි පසුගිය වසර පහ තුළ ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂ වල මූල්‍ය වාර්තා ලබා ගතිමු.

අවසානය
ආකාරය ප්‍රමාණය පිටු සංඛ්‍යාව ගාස්තුව
ඡායා පිටපත් සැපයීම A4 ප්‍රමාණය පළමු පිටු හතර සඳහා නොමිලේ
A4 සහ ඊට කුඩා ප්‍රමාණය තනි පැත්ත රු. 2
දෙපැත්තම රු. 4
Legal ප්‍රමාණය තනි පැත්ත රු. 4
දෙපැත්තම රු. 8
ඉහත දක්වා ඇති ඒවාට වඩා විශාල කවර හෝ පිටපතක් සත්‍ය පිරිවැය
මුද්‍රිත පිටපත් A4 ප්‍රමාණය පළමු පිටු හතර සඳහා නොමිලේ
A4 සහ ඊට කුඩා ප්‍රමාණය තනි පැත්ත රු. 4
දෙපැත්තම රු. 8
Legal ප්‍රමාණය සිට A 3 දක්වා විශාල පිටපත තනි පැත්ත රු. 5
දෙපැත්තම රු. 10
ඉහත දක්වා ඇති ඒවාට වඩා විශාල කවර හෝ පිටපතක් සත්‍ය පිරිවැය
අදාල පුද්ගලයා  විසින් සපයනු ලබන ඩිස්කට්, සංයුක්ත තැටි, යූඑස්බී, හෝ ඒ හා සමාන විද්‍යුත් උපාංගයකට පිටපත් කර දීම රු. 20
රාජ්‍ය අධිකාරිය  විසින් සපයනු ලබන ඩිස්කට්, සංයුක්ත තැටි, යූඑස්බී, හෝ ඒ හා සමාන විද්‍යුත් උපාංගයකට පිටපත් කර දීම සත්‍ය පිරිවැය
කිසියම් ලේඛනයක් හෝ ද්‍රව්‍යයක් අධ්‍යනය හෝ පරීක්ෂා කිරීම හෝ ඉදිකිරීම් වැඩ බිමක් පරීක්ෂා කිරීම පළමු පැය- ගාස්තු අය කිරීමකින් තොරව

පැයකට වඩා වැඩි-පැයකට රු. 50 බැගින්

ආදර්ශ හෝ ආකෘති සත්‍ය පිරිවැය
ඊ - මේල් නොමිලේ
TOP