පොදු ජනතාවගේ ප්‍රශ්න සම්බන්දයෙන් තොරතුරු කොමිසම

ලබාදුන් නියෝග සාරාංශ පරිශීලනය කිරීමට

තොරතුරු දැනගැනීමේ අයිතිය යනු කුමක්ද ?

රටෙහි පුරවැසියන්ට විශ්වාසය තැබිය හැකි බොහෝ තොරතුරු පොදු අධිකාරීන් සතුවේ. පුරවැසියෙකු ලෙස මේ තොරතුරු වලට ප්‍රවේශවීමේ මූලික අයිතිය දැන් ඔබට හිමිය. 2016 අගෝසතු මස 04 වන දින සම්මත වූ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මගින් සම්පාදිත ක්‍රියාවලිය භාවිතා කොට තොරතුරු වලට ප්‍රවේශ වීමට පුරවැසියාට හැකිය. කිසියම් පොදු අධිකාරියකින් තොරතුරු ලබාගැනීම පහසුවෙන් කළ හැකි පරිදි විධිවිධාන සකස් කොට ඇත. සාමාන්‍යයෙන් දින 28ක උපරිමයක් තුළ අවශ්‍ය තොරතුරු ලබාගත හැකිවේ. ඉල්ලා සිටින තොරතුරු ප්‍රමණාත්මකව ඉහළ නම් හෝ වෙනත් ස්ථානයකින් ලබාගත යුතුනම් අතිරේක දින 21ක් ගතවේ. [තවත් විස්තර මෙතනින්]

කඩතුරා හැර

තොරතුරු දැනගැනීමේ අයිතිය සාමාන්‍ය මිනිසුන් තිදෙනෙකුගේ කෝණයෙන් දකින විනාඩි 30ක කෙටි චිත්‍රපටය. තොරතුරු දැනගැනීමේ අයිතිය, එදිනෙදා ජිවිතයේ ඔබට පැනනගින ගැටළු වලට විසදුම් සොයාගැනීමට බාවිතා කරන ආකාරය ගැන අවබෝදයක් ලබාගැනීම සදහා නරබන්න.

සැප්තැම්බර් 12 දින TISLහි RTI කණ්ඩායම ගත කරන ලද්දේ මාතර දිස්ත්‍රික්කයේය. මෙහිදී සෞඛ්‍ය, අධ්‍යාපනය, ජල හා සනීපාරක්ෂක, පාරිසරික සහ පොදු ප්‍රවාහන යන තේමා ඔස්සේ සිවිල් සමාජ එකමුතුවක් පිහිටුවනු ලැබිණ. TISL ආයතනයේ සහය ද ඇතිව සිය කාර්යභාරයන් ඉටු කිරීමේදී තොරතුරු දැනගැනීමේ අයිතිය යොදාගත් ඉතා උද්යෝගීමත් සිවිල් සමාජ ක්‍රියාකාරී සංවිධානයක් මෙම එක්දින වැඩමුළුවට සහභාගී වන ලදී.
2017 සැප්තැම්බර් 7 වන දින අපේ කණ්ඩායම වුයේ අම්පාරේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව එක්දින වැඩමුළුවක් සංවිධානය කරන ලදී.මෙය සිංහල සහ දෙමළ භාෂාවෙන් පවත්වන ලද අතර මේ සඳහා සිවිල් සමාජ සාමාජිකයන් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන ලදී.එය කාලීන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ ඉතා තෘප්තිකර දවසක් විය.

සමාජ ජාල විස්තර

ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්

VIEW ALL -
TOP